තරු පිපුණු ඝන අහස මම නම්
ඒ අහසෙ පුරා හද වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කතර මම නම්
ඒ පොළවෙ දිය බිදුව වෙන්න සුදු රුවනි

... හද පෙලන චණ්‌ඩ රළ මම නම්
... ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම්
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙලන කැල්මේ සිනා සද පානේ
ඔබ ඇවිත් මගෙ ලගින් ඉන්නවා වාගේ දැනේ
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ
අපි හදින් බැදුණු වග ලෝකයා නොම දනී

ජීවිතය අතරේ ආදරය නැවතී
පෙම් කවක්‌ සදාතන හදට කොදුරාවී
මේ ගී ගායනා ආල හද වේදනා
මහ බඹුන් හෙට දිනේ අප නමින් ලියාවී

No comments: