වස්සානය ඇවිල්ලා... ෴
හරිත පැහැයකට ඉඩක් නැති මිටියාවතේ...
ඉරි තැලී ගිය පොළෝ තලය...
දිය බිඳුවක් ඉල්ලා මුව අයා සිටිනවා...
සාපිපාසිත මුවැත්තිය මිරිඟු දිය සොයා...
ඔබ මොබ ඔහේ ඇදෙනවා...
ඉපල් වී ගිය තුරු ලතා...
කර්කශ සුළඟට හෙම්බත් වී...
හිස් අහස දිහා බලා හිඳිනවා...
දසත පැතුරුණු නිහැඬියාව...
එක් නිමේෂයකින් නිමා කරමින්...
සවන් වැකුණු කුරුලු කූජනය...
සුබ නිමිත්තක් දන්වනවා...
අහස් කුස වැහි මන්දාරමකින් වැසී...
එහි සිට නික්මුණු සිහිල් දිය බිඳුවක්...
වියළී ගිය දෙරණ තෙමනවා...
හමා එන පවන් රොදේ...
තුරු ලතා නැළවෙනවා...
ඈත කඳු ඉහත්තාවට ඉහළින්...
මේ අසිරිමත් අරුණැල්ලට...
උදා වෙන්නට ඉරත් දඟලනවා...
වැහි බිඳු යටින් ගලන...
ඒ ප්‍රභාතය දිගේ මිහි මතට...
වස්සානය ඇවිල්ලා...
▪ පබැඳුම: බුද්ධික මදුෂාන්
No comments:
Post a Comment