තුරුලිය නිසලයි - වැව් දිය සසලයි
තනිකම ඉවුරු බිඳියි
මග අතරමංව හිඳිමි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබ ළඟම ළඟම හිඳිමි
...
සසර පුරා සුවඳ සරා
ඔබම ළඟම රැඳෙමි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබේ සුසුම් සුවඳින් පෑරී
වෙල් ඉපනැල්ලේ පවන් සළයි
ගංදොර සුහුඹුල් මතකය වැළපී
සිත මා තෙමා වැටෙයි
ඔබ කොහිද කොහිද සොයමි

ඔබේ සුරත් පහසින් ගිලිහී
ලියගොමු ලන්දේ සොවින් සැළෙයි
තණපත් මුතුපිණි කඳුළින් බරවී
ඔබ පා පහස පතයි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබ ළඟම ළඟම රැඳෙමි

No comments: