මන්දාකිණිය හිනැහෙයි මා දෙසම බලා
ඔය නෙතු කියයි මට රහසින් ඉගි පාලා
හදවත පුරා දිවයන්නේ සුවද සොයා....
හෙට උදයෙත් ඉන්නද පෙර මගට වෙලා

...
අව්ව සැරට මල් කුඩයේ යටට වෙලා
ලැසිගමනින් යන හැටි මං උන්නේ බලා
රස අලුවා දෙන්නට මේ මගට වෙලා
හෙට උදයෙත් ඉන්නද පෙර මගට වෙලා....

වෙල් යායේ පීදුන රන් ගොයම වගේ
රග දෙයි තාලෙට කෙහෙරැලි සුළං සැරේ
සුවද හමයි පුදින සුදු පිච්ච වගේ
හෙට උදයෙත් ඉන්නද මං හිච්චි නගේ......

No comments: