දුර පෙනෙන අහසේ හිනැහෙන සඳ
ඔබේ දෙනෙතින් බලන්න
ඝනදුරු රැයක උදුල තරු කැට
ලඟින් හිඳගෙන ගනින්න..

... සෙනෙහසින් වෙලී ඔබේ සියෝළඟ
සැමදා දිවි ගෙවන්න
මෘදු දෑතින් අල්ලාගෙන ඔබ
එනවද මේ මඟ යන්නට..

කඳුලු කැට හෙමින් එබෙන විට
මගෙ නෙතු පියන් යට
උණුසුම රැදි පුංචි දෙතොලින්
සුසුමක් කොපුලේ තබන්න ...

හිතේ හිරවී තිබු ආදරය
අහිංසකව විඳින්න
හැමදාමත් ඉන්නම් ඔබ ළඟ
සෙනෙහස මා දාරගෙන..
- නෙතු-

No comments: