ලස්සනම මල්
නෙලා අරගෙන
එකින් එක ගෙන
පෙමින් හැඩ කර
එක මිටට බැඳ
... ඔබට දෙන්නට
ගෙනා මල් මිට
තවම මගෙ ලඟ......
එකින් එක මල
සුවඳ වියැකිව
මිලින වනු දැක
හඬයි මගෙ සිත
සිහිව අප පෙම........
රිදුම් දෙන සිත
සෙමෙන් පිරිමැද
හොවා තුරුල'ත
සනසවන්නට
නොඑන බව දැන ,
දැනම මගෙ හිත
මග බලයි තව......
නුඹෙ මතකය
හිත අගට ගෙන ,
නුඹේ දසුනට
තුරුළු වෙන්නට..........

No comments: