නුඹ නොමැතිව මුළුතැන්ගෙයි නැත රසමසුවුලු පිසුනේ
අනාගත්ත බත් පිඩු නැත අපෙ මුව හරහා ගිලුනේ
රෝස පැදුරේ මල් පොහොට්ටු පරවීලා වැටුනේ
බලු පටියත් පුටුව යටින් නැත එළියට එන්නේ
සයදෙනෙකුන් සිටි නිවසේ අද පස්දෙනෙකුයි ඇත්තේ
වෙනද නැගු සිනා හඩත් මැකී ගොසින් අද නිවසේ
කිරි අම්මා අසන ප්රශ්නවලට මට පිළිතුරු නැත්තේ
මවගේ නෙතින් ගලා හැලුණු කදුළු වියලී නැත කොට්ටේ
සිගිති පුතා බල හිඳියි නුඹ එනතුරු අවදියෙන්
පොල් කොටයේ වැඩි වෙලා අයිය හිඳී ලතවිල්ලෙන්
එපා ඉසුරු සැප සම්පත් අවැසි අපට නුඹ පමනනේ
"නදී " මගේ අක්කණ්ඩියේ නුඹ එනවද ඉක්මනින්
No comments:
Post a Comment