ජීවිත බර උසුලාගෙන...෴

ගිනි අව්වේ මහා බරක් හිස තියාන...
ගෙවන දිවි මඟ අද්දර...
දුටුවෙමි නවාතැන් පළක්...
බරැති දෙපා ඔසවා අමාරුවෙන්...
ඇතුල් වූයෙමි මා...
මේ ගෙන යන බර බිම තියා...
සීතල පොළව මත...
වැතුරුනෙමි මොහොතකට...
රිදුම් දෙන නෙතු පියන්...
වසා ගතිමි තද කර...
කාලය ගෙවී යනවා මටත් නොදැනීම...
සිත පාව යනවා හිස් අවකාශයක...
හඬක් නොනැගෙන පාලු ඉසව්වක...
මා ඈතට පාව යනවා හුදකලාවේ...
සවන් දෙන්නට තැත් කරද්දී...
ඇසුණේ මා හට අන් කිසිවක් නොව...
මගෙ හද ගැහෙනා රාවයයි...
සිත සතුටින් ඉපිල ගියා දුක හංගාගෙන...
හඬක් ඇසුවෙමි මා ඒ නිහඬ බව මැද...
හද ගැහෙනා රාවයෙන් මතක් කරදෙන ජීවිතය...
බලා හිඳී සැනසුම යළි දකින තුරා...
වසා සිටි නෙතු පියන් හැරුණා...
වැහැරුණු දුබල ගත වෙහෙසින් හෙම්බත්ව...
තවත් නැවතී ඉන්න යදිනවා...
නොනැවතුණු මගේ හදවත ගැහෙනා රාවය...
සවනත වැකෙන තුරාවට...
දිගු දුරක් යා යුතුව ඇත...
වෙහෙසකර දිවි මඟ දිහා බලාගෙන...
යළිත් ඔසවමි වෙව්ලන දෙපා...
විඩාබර ගතත් සිතත් වාරු කරන්...
ජීවිත බර උසුලාගෙන...

No comments: