මතකද අද ඊයේ ගැන නෙමෙයි...
මං ඔයාගේ හුස්ම කියලා කියපු ඉස්සර දවස් ගැන...
ඒ ආදරේ ගැන...
තවමත් ඔයාගේ හුස්ම වලින්
මගේ මේ ජීවිතේ රැක ගන්න උත්සහ කරනවා කියලා
... ඔයා විශ්වාස කරනවද...?
එහෙව් මගෙ ජීවිතේ ඒ හුස්ම ටිකත්
ඔයා බිංදුව බිංදුව උදුරගෙන යනවා...

අද වෙනකොට ඔයාගේ ලෝ‍කෙන් මාව...
මගේ ආදරේ ඔයා මරලා දාලා... ඇත්ත...
එහෙම කියලා මගේ ලෝකේ ඉන්න ඔයාව..
ඔයාගේ ආදරේ මට මරලා දාන්න නම් බෑ...
මං මග බලං හිටියට ඔයා මගේ ජීවිතේට
කවදාවත්ම එන්නෑ...මං ඒක දන්නව...

මහ මෙරක් තරම් ආදරයක් පුරෝගෙන...
ඔබේ සුසුමෙන් ජීවත්වෙන්න තනන
මගේ මේ ශරීර කූඩුවට...
මියෙන තෙක් රැදෙන්නට අවසර නම්...
කියා යන්න මොහොතකට....
සමුගමි ඔබේ ලොවෙන් මම...
දිවි තිබෙන තුරා... මාත් මගේ සෙනෙහසත් රැගෙන
මේ ලොවේ කොහේ හෝ තැනක.... සැගවෙමි....
ඔබට නොපෙනෙන්නට...ගොළු කරගත් සෙනෙහස...
තුරැළු කරන් ලයතුල....මියෙනතුරාවටම.....

-ඉස්සර දවසක්-
විශ්ව...........................................................

No comments: