දන්නව නෙද මේ සින්දුව

හන්තානට පායන හද.
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද.
ඔබට හෑකිය දකින්න”.

“ඇදුරු ලලා වහිනා කල.
සරසවි බිම තෙමෙන්න.
කුඩේ යටින් ඔබ යනකල.
එපා තනිය දෑනෙන්න”.

“ලතා මඩලු අත වනාවි.
එපා අහක බලන්න.
මා ගෑන මතකය ගුලි කර.
මහවැලියට දමන්න”


මන් මේ කියන්න යන්නේ ඒ සින්දුව ගෑන නම් නෙමෙයී......
ලංකවේ ලස්සනම සරසවිය වුනු...............පෙරාදෙනිය ගෑන ඈත්තටම මේ මම නොදෑක්ක ඒත් ඔබ දකින ලස්සන හීනයක්...........මතක් කරලා තාම ඉගෙන ගන්නව නම් ට්‍රයී කරන්න පෙරදෙනිය කෑම්පස් එකට යන්න මොකද එ තමා ලස්සනම හීන දනව්ව වස්න්තයට කහපාට මල් පිපුනු ගස් අතරෙන් එකපාරක් ඈවිදගෙන යන්න



ජිවිතේ විදින්න නම් කෑම්පස් යන්න ඔනලු
ඈත්තද මේ කියන්නේ කියවලා බලන්න මේ ඔයා ගිය තෑනද
නෑත්තන් අහන්න කෑමතිම තෑනද
දකින්න ආසම තෑනද
යන්න ආසම තෑනද...........................
වෑඩිපුරම ම්තක පිරුනු තෑනද..........
කහ පාට මල් බිම වැටිල තිබුනෙ හරියට කහම කහ පාට පලසක් එලල වගේ..
කොයි පැත්ත බැලුවත් ගස්වල මල් පිරිල තිබුනා..මහවැලි ගඟට උඩින් හමාගෙන එන හුළඟ හින්ද වෙන්න ඇති,
 ඒ හුළඟෙත් පුදුම සනිපයක් තිබුනා...
හන්තානත් බලා ගෙන හිටියෙ හරියට සරසවියෙ ආරක්ෂකය හන්තාන කියන්න වගේ ආඩම්බරෙන්..
මෙහෙම තැනක දවසක් හරි ඉගෙනගන්නත්
මොකක්දෝ පිනක් කරල තියෙන්න ඕන කියල මට නිකමට වගේ හිතුනා.
කැම්පස් එකේ හැම මතකයක්ම ලස්සනට සිතුවම් වෙන,
 පුදුම හිතෙන වටපිටාවක් මේ හැම බිම් අඟලකම තිබුනා.
පොලොන්නරුවෙ ගල් කණු ලඟ , මල් පිරිල තිබුන ගස්යට බංකු උඩ හීන සිත්තම් කරන
සරසවියෙ පෙම්වතුන්ට මීට වඩා නිදහසේ ඉන්න පුලුවන් තැනක් තවත් තියද කියලත් මට හිතුනා.
වලේ නාට්‍ය බලපු හැටි
මට එතනින් යද්දි මැවිල පෙනුනෙ ජීවිතේ එච්චර සුන්දර කාලයක් තිබුන නේද කියල මතක් කරල දෙන ගමන්.
නාදන් එකේ ඉඳල ෆැකල්ටියට යද්දි
 හැම උදේකම දැකල තිබුනු හුරුපුරුදු වටපිටාව ,ජීවිත කාලෙම දැක්කත් එපා වෙන්නෙ නම් නැති බව
ඒක විඳල තියන ඕනම කෙනෙක් කියන බව මට විශ්වාසයි.
මේ බිමේ තියන හැම තණකොළ ගහකම පුදුම ලස්සනක් මගේ හිත පුරාවටම ඇදිල තිබුනෙ
කවදාවත් මැකෙන්නෙ නැති විදියට.
සරසවි ඔය මේ ලස්සන පාරදීසය මැදින් ගලන්නෙ මගේ සරසවිය තවත් මහ ගොඩාක් ලස්සන කරල..

කිරි හල ලඟ වාඩිවෙලා කියව කියව එක කිරි කෝප්පෙ බෙදාගෙන බීපු හැටි,
යකා පාලම උඩින් බයේ ගැහි ගැහි අවිදන් ගිය හැටි,
සරසවියට ආපුම දවස්වල වූස් වලේ වාඩි වෙලා හිටපු හැටි,
කලාගාරේ චිත්‍රපටි බලපු හැටි,
සරසවිය වට කරන් ඉන්න හන්තානට නැගපු හැටි,
මගේ හිතේ රූප රාමු පෙලක් වගේ ඇඳිල ගියා.
අල්විස් පොකුණ ලඟදි මගේ ඇස් දෙකට කඳුලු ආවෙ
මහා සුන්දර මතක ගොඩක් එකතැන් වෙලා තියන සයන්ස් එකේ කොමන් එක දැකල...
.....


පෙරාදෙනියේ සරසවි බිමේ සිට ඔබට සෙනෙහසින් ලියු සද..ඔයාට තමා මේකේ අයිතිය

9 comments:

Anonymous said...

rly nice...

Anonymous said...

colombo duuwili sulangath ekka sarasavi sihinya windaththu apitath hanthane sonduru sulanga nodenenawa nemei...e sulangata aluth may mal pethi ek wevi tawa kalayak hamagena yawi...

චතුමධු සඳසරණි said...

lassanai....

පිසාචයා said...

පිස්සු හැදෙනව අක්කෙ.....මාත් පේරාදෙණි...සයන්ස් එකේ.... ෆස්ට් ඉයර්....

Anonymous said...

realy nice,

Anonymous said...

Beautiful. Very touchy.

Anonymous said...

Attatama lassanai...!
peradeniya kiyanne me loke tiyena wenama lokayak...

cool mchan cool said...

I msd it

විමුක්ති හිමි KD said...

එක හුස්මට කියවුනා.