සමුගෙන යන්න කලින්... සද නැග එන්න කලින්...
හද සනසාලා.... සිනාවෙන්න සෙනෙහෙන්....
දෑත වනාලා සිනහ සලාලා..... මාවත ඈත කොනේ....
ඈතින් ඈතට නොපෙනි යනතුරු...ආපසු බලනු මැනේ....

...
හදවත් රහසේ වැලපෙන අතරේ..... සමුගමු කදුළු සලා...
ඔබේ සුවද මා අතහැර නොම යයි... යලි මුණ ගැසෙන තුරා...
නුඹේ සිහින සමග රැදී සිටින්නම්..... නුඹේ සුවද සමග දැවටී ඉන්නම්.....
හදවත දුක දරා ගනීවී..... දුරකථනය ගොළුවතම රකීවී..
ඉදහිටවත් අමතනු මැනවි....දුක දරා ගන්නේ කොහොමද තනීවී....

ඔබෙ පපුතුරෙහි හිස හොවා පෙම් බස් දොඩන්න
වෙලිලා මග දිගේ ඔබ සමග පිය මනින්න
මලුත් අරගෙන ඔබත් සමග දඹදිව වදින්න
මදි උනා පින මට එය හැබැ කර ගන්න....

මව් බිමෙන් වෙන්වෙලා ගියත් ඔබෙ සුවද
එයම පමණයි තවම මගෙ ලග ඉන්නේ තනි නොතනියට
කදුළු වැටෙන හැම රැයෙදිම සිහි වෙලා මට ඔබව
පතමි යළි එනතුරු ඔබ සැමට තෙරුවන් සරණ.....
 

No comments: