එකින් එක පිත්තල කෝප්පෙට
වැටෙන තඹ කාසි ගොන්නට
අතගා මිලක් නියම කර...........

හතරයි විස්සට අසනා හඬ දෑස් නොපෙනුනත් ..
ගොරහැඬි අඳෝනාව -පෙට්ට්යෙන් පෙට්ටියට
නැවතුමෙන් නැවතුමට

මොරටුවෙන් ගත් හුස්ම -හැල්මේ කෑගසා
දකුණු කළුතර පණ යදින උගුරු දණ්ඩට
හොරෙන් වත් කර මී විතක්
යලිත් සුපුරුදු අඳෝනාවේ පණ ගසා........

සිල්පර මත පීලි අතුරා සංසාර වන්දනාව
නැවතුමෙන් නැවතුමට-පෙට්ටියෙන් පෙට්ටියට
සුදු සැරෑටිය -තැබෑරුම් සුවඳ සොයා

පීල්ලෙන් පීල්ලට ගාලු කොටුවට
මූදු සුළඟට රළු හඬ හංගන්ට.................

_____________________මළගිය ඇත්තා__

No comments: