-ඉස්සර දවසක්- විශ්ව..
එක්ව මා හා පෙම් ගී ගැයූ....
හද ගොළුවෙලා ඇයි රුදු ලෙසින්....
බැදී ජීවිත කරළියේ ඔබ....
රැවටුවෙද මගේ මේ නෙතූ...
අදුරු වූ පැතුමකින් දිවියම..
වෙලාගෙන තනිකම මැවූ....
එදා පෙම් කල ඔබම නම් ඇය....
කොහිද ඔබ දුන් පෙම මතූ....
අදුරෙ ඉකිබිදිනා මගේ සිත...
දමා ගොස් සදවතිය බෝ දුර....
අදහා ගන්නට බැරිය මට අද...
ලග උන්නු සදවතිය ඔබමද...
තරැ වලාවන් අහසේ අද කිම...
නැතිව සදවත මගේ හද තුල....
එදා පෙම්කල සදම නම් ඔබ...
ඇයි අමාවක මගේ ලොව තුල...
මල් පිපී හිනැහෙන වසන්තෙක...
හිරු දවාලන පෙමයි නුඹ අද.....
හදේ මා ගැන රැදුනු උණුහුම...
මැකී ගිය බව කෙසේ සිතමිද...
හදා ගන්නට මගේ ලොව නම්...
නොහැක කිසිදින යලිදු මා හට...
එදා පෙම් කල ඔබම නම් ඇය....
වසන්තය ඇයි වැලපෙන්නෙ මේ ලෙස..
No comments:
Post a Comment