මවකගෙ සෙනෙහස මිලකළ හැකිවෙද
ජීවන යහමග යනෙන තුරා
ඒ පෙව් කිරිවල ජීවය නැතිවෙද
මේ ලොව අප සැරිසරන තුරා....

...
හෝඩි පොතේ මුලින්ම කිව් අකුරු තුන
මතක ඇතේ හිරු නැග එන සැමදින
සිතක පිපිණු අම්මා යන බුදුවදන
පොතක පිටු මදිය ලියනට ඔබෙ ගුණ......

අම්මේ ඔබෙ ගුණ කෙලෙසින් ගයන්නද
ගයලා මොනරියක විලසින් නටන්නද
දුවලා ඇවිත් ඔබෙ උකුලත නිදන්නද
සිඹලා දෙපා බුදු ගුණ ගී ගයන්නද.....

මව්ගේ සෙනෙහේ අගය දෑනෙන්නේ
මේ ලොව අප තනිවුණ දිනයේ
සෙනෙ දමින් මල් මාලයක් ගෙනෙමින්
ගෙලේ දමා සුරකිමි මා මව්ගෙ ගුණේ.....

No comments: