Revsiwaratana Derangala ජයසිරි මහ බෝ සමිදු වදින්නට
රන්වැලි මහ සෑ කිරණ දකින්නට
ලෝවා මහපා සෙවන ලබන්නට
නොලැබේ කිසි දා හිමි නොවඩින්නට

...කලා වැවේ ජල තරග බලන්නට
සීගිරි බිතු සිතුව්ම් නරඹන්නට
කැටපත් පවුරේ ගීත ලයන්නට
නො ලැබේ කිසිදා හිමි නොවඩින්නට

අව්කන මහ බුදු පිළි‍ම නෙලන්නට
සදකඩ පහනේ රූ සරසන්නට
අමාවතුර බුත්සරණ ලියන්නට
නොලැබේ කිසිදා හිමි නොවඩින්නට.......

No comments: